ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ නිවේදනයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුව අද උදෑසන මුලතිව් සිට කිලෝමීටර 600ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට උදෑසන 5.30 වන විට චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනතුරව හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සුළිකුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

