කොළින් එක්ක හිමිදිරි උදෑසන ක් කොළින් ගේ නැකැත් තුලාව BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

දිනය:- 28/10/2025

මේෂ

අද දින ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැක. සවස් වරුවේ සිය ආදායම වර්ධනයක් ඇති විය හැකි නමුත් වියදම් කිරීමේදී තරමක් කල්පණාකාරී වන්න. ධෛර්යයෙන් යුතුව ක්‍රියා කිරීම නිසා ජයග්‍රහණ ලැබෙන දිනයකි. බලාපොරොත්තු කඩවීම් වලට හේතු ඇති විය හැක. යටපත් වූ ශාරීරික වේදනාවක් නැවත මතුවිය හැකිය. දවස සුබ කර ගන්න විශ්ණු දෙවිඳුට සෙත් පතන්න.
සුබ අංක : 8, 32
සුබ වර්ණය : රෝස

වෘෂභ

අද දිනය අනවශ්‍ය වචන භාවිතය නිසා අවාසිදායක තත්ත්වයන් ඇතිවිය හැක. දරුවන්ගේ කටයුතු නිසා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවේ. සිද්ධිනා ගනිමින් අද දින සිදුකරන කටයුතු සාර්ථක කරගත හැක. යටි බඩේ ආබාධ ඇති විය හැකි බැවින් හොද තත්ත්වයේ ආහාරපාන සම්බන්යෙන් හිත යොදවන්න. දවස සුබ කර ගන්න ඕලු මල් පූජා කරන්න.
සුබ අංක : 2, 44
සුබ වර්ණය : රෝස

මිථුන

අද දින යුග දිවියට බාධා ඇති කළ හැකි බැවින් හත්වන භාවය දුර්වල අය වඩා සංයමයෙන් කටයුතු කල යුතු වේ. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ආනයන අපනයනකරුවන්ට යහපත් දිනයකි. පිත් ආශ්‍රිත රෝගී තත්ත්වයක් වර්ධනය වීමට ඩැඩි ඉඩක් ඇත. පවුලේ කටයුතුවලින් ඈත් වී කටයුතු කරයි. සත්වයෙකුට අභය දානය දීමෙන් දවස යහපත් වනු ඇත.
සුබ අංක : 4, 30
සුබ වර්ණය : කොළ

කටක

අද දිනය අනවශ්‍ය වචන භාවිතය නිසා අවාසිදායක තත්ත්වයන් ඇති කරන දිනයකි. විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු කල් යයි. අවධාන යෙන් කටයුතු කරන්න. ආසාදන තත්ත්වයන් වලින් පීඩා ඇති වේ. පවුලේ සමගිය වර්ධනය වෙයි. පස් තෙල් පහණක් දල්වා පිහිට පතන්න.
සුබ අංක : 6, 36
සුබ වර්ණය : නිල්

සිංහ

වැඩි දෙනෙකුගේ සිත් දිනා ගනිමින් තම කටයුතු සාර්ථක කර ගනී. ගිවිසුම් ආදියට අත්සන් කිරීමට අද දිනය සුබදායකයි. ආදායම් මාර්ග සැලසුම් කිරීමට හෝ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ දිනයක් නොවේ. අක්ෂි අබාධ ඇති අය දැඩි දුමාරයන් ඇති ස්ථාන වල රැඳීම අවදානම්ය. උසස් සිතිවිලි ඇතිවේ. ආරක්ෂක අංශයේ අයට උදවි උපකාර කරන්න.
සුබ අංක : 4, 59
සුබ වර්ණය : කොළ

කන්‍යා

අද දවසේදී ඔබේ දියුණුවට මග සැළසේ. විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු කල් යෑමක් හෝ සිදුවිය හැකි බැවින් අවධාන යෙන් සිටින්න. ලෞකික ජීවිතයට ඇලුම් කරයි. ඔබගේ රූපය පිළිබඳව හෝ ශරීරය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීම කාලෝචිතය. අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. පිට කොන්ද හෝ උරහිස් සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුය. දවස සුබ කර ගන්න තල තෙල් පහනක් දල්වන්න.
සුබ අංක : 7, 55
සුබ වර්ණය : කහ

⚖තුලා

අද දින වාහන ගමන් බිමන් යාමේදී සැලකිලිමත් විය යුතුය. රාහු දෙවැන්නේ හෝ එකොලොස් වැන්නේ දුර්වලව හැසිරෙන අයගේ මුදල් අතින් අඩුපාඩුවක් ඇති විය හැක. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. ආදායම් මාර්ග සැලසුම් කිරීමට හෝ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ දිනයක් නොවේ. අද දින කල්පනාකාරීව කටයුතු කරන්න. ආහාරපාන ගැනීමේ දී ඒවායේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සෞඛ්‍යයට හිතකර වේ. කකුල් අහිමි අයෙකුට උදව් උපකාර කිරීමෙන් දවස යහපත් වනු ඇත.
සුබ අංක : 1, 54
සුබ වර්ණය : රෝස

වෘශ්චික

යහපත් දිනයකි. යෝජනා ස්ථිර වීමක් හෝ සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. මූල්‍ය වංචාවකට හෝ අක්‍රමිකතාවයකට අනවශ්‍ය ලෙස මුහුණ දීමට සිදුවන බැවින් කල්පණාකාරී වන්න. වසංගත රෝග වලට ගොදුරු විය හැකි බැවින් හැකි තරම් ගමන් බිමන් අවම කරන්න. අද දවසේදී ජීවිතයට අයහපත් කාරණාවන් යෙදිය හැක. දවස සුබ කර ගන්න ගුරුවරයකුට උදව් උපකාර කර දවස අරඹන්න.
සුබ අංක : 8, 32
සුබ වර්ණය : කහ

ධනු

අද දිනයේදී ඔබට අවස්ථාව සැලසේ. ලාබ අපේක්ෂාවෙන් කරන කටයුත්තක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. කල්පනාකාරීව කටයුතු කරන්න. යුග දිවියේ සමාදානයට බාධා ඇති කළ හැකි බැවින් හත්වන භාවය දුර්වල අය වඩා සංයමයෙන් කටයුතු කල යුතු වේ. ඉතා සතුටින් කාලය ගෙවයි. වසංගත රෝග වලට ගොදුරු විය හැකි බැවින් හැකි තරම් ගමන් බිමන් අවම කරන්න. දවස සුබ කර ගන්න ඕලු මල් පූජා කරන්න.
සුබ අංක : 9, 72
සුබ වර්ණය : කොළ

මකර

ගේදොර කටයුතු පිළිබඳ නම් එතරම් සැලකිල්ලක් නොදක්වයි. හිතුමනාපයට රැකියා කටයුතු වෙනස් කිරීමට හෝ ක්ෂණික තීන්දු තීරණ ගැනීමට යෑමෙන් වළකින්න. රැකියා ස්ථාන මාරුවේ බලාපොරොත්තු වූ අයට යහපත් ප්‍රතිඵල ගෙන දේ. රාහු බලවත් අයට අද දින අනවශ්‍ය දුර බැහැර ගමන් බිමන් යෙදේ. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. වැටකේ මලක් බෝ සමිදුට පූජා කරන්න.
සුබ අංක : 2, 71
සුබ වර්ණය : නිල්

කුම්භ

හිතවතුන්ගේ සහය නොමදව හිමි වීමෙන් සතිය අගදී මූල්‍යමය හෝ භෞතික වාසි පෙන්නුම් කරයි. ණය ගණුදෙනුවක් පියවා ගැනීමට හිතවතෙකුගේ සහය පැතීමට සිදුවේ. සිතට වද දුන් සිත් තැවුලක් නැති වී යාමෙන් සිත සතුටින් කාලය ගෙවීමට අවස්ථාව උදාවෙයි. හවුල් කරුවන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම වාසි සහගත වේ. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකිය. දවස සුබ කර ගන්න නෙළුම් මල් පූජා කරන්න.
සුබ අංක : 4, 14
සුබ වර්ණය : රතු

මීන

විවාහ අපේක්වෙන් සිටින අයවලුන් ඒ සම්බන්යෙන් වඩා උනන්දුවක් දැක්වීමෙන් ඒ සම්බන්යෙන් උසස් ප්‍රඵල ලබාගත හැක. කලකින් හමු නොවූ මිතුරෙකු ඇසුරට හෝ ඒ පිළිබදව දැනගන්නට ලැබිය හැක. ඇසුරු කරන්නන්ගේ හොඳ හිත වර්ධනය වේ. ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. දවස සුබ කර ගන්න පිච්ච මල් පූජා කරන්න.
සුබ අංක : 6, 45
සුබ වර්ණය : රතු

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *