යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරක්ෂක බලධාරින් අතර පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ සාකච්ඡාවේදී ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධාවලට පිළියම් සෙවීම පිළිබඳව අවධානය යොමුවු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිට තිබුණා.

එහිදි අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිඳභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ජාතික ආරක්‍ෂාව කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානයක් යොමුකරමින් රජය විසින් ක්‍රියාත්මක සංහිඳියාවේ වැඩපිළිවෙල වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *