දුරකථන භාවිත කරන හැමෝටම සුබ ආරංචියක්!

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අංකය වෙනස් නොකර ඕනෑම Network එකකට මාරු වෙන්න පුළුවන් පහසුකම සැප්තැම්බර් සිට!

​තමන් දැනට භාවිත කරන දුරකථන අංකය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින්, තමන් කැමති වෙනත් ඕනෑම ජංගම දුරකථන සේවා සපයන ජාලයකට (Network) මාරු වීමේ Mobile Number Portability (MNP) පහසුකම ලබන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ලබාදීමට රජය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ.

​පාර්ලිමේන්තුව අමතමින් ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම පහසුකම මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

​මෙමගින් පාරිභෝගිකයාට ලැබෙන වාසි:

​🔢 අංකය මාරු කරන්න ඕනේ නෑ: පැරණි සිම් පතේ අංකයම (Mobile Number) දිගටම භාවිත කළ හැක.

​කැමති Network එකක් තෝරාගැනීමේ නිදහස: Signal හොඳ, දත්ත (Data) සහ ඇමතුම් ගාස්තු අඩු ඕනෑම ජාලයකට පහසුවෙන්ම මාරු විය හැක.

​සේවා සපයන්නන් අතර තරගකාරීත්වය: ජාලයන් අතර ගුණාත්මක සේවාවක් ලබාදීමට විශාල තරගකාරීත්වයක් ඇතිවීමෙන් පාරිභෝගිකයාට වාසි සැලසේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *