ලෝක වැඩිහිටි දිනය අදයි වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් නව වැඩපිළිවෙළක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. මෙවර දිනයේ තේමාව වන්නේ “චිර ජීවන යුගය – දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම ගැන නැවත සිතමු” යන්නයි.
ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින පසුබිමක ඔවුන්ගේ සෞඛ්‍යය සහ සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි, ආබාධ පුද්ගලයන් සඳහා වූ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ශිරෝමී මාධවගේ මහත්මිය සඳහන් කළාය.
මේ අතර, රටේ අභිවෘද්ධිය සහ සමෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයේ වටිනා කාලය හා ශ්‍රමය කැප කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත සුබපැතුම් පිරිනමමින් අග්‍රාමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ ප්‍රජාව සතු දැනුම, අත්දැකීම් සහ මගපෙන්වීම රටේ ඉදිරි ගමන සඳහා වැදගත් සම්පතක් බවද එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.


