පොලිස් රෝහලේ ශල්‍ය රෝගීන් ගේ ජීවිත අවදානමේ. BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ කොළඹ

නාරාහේන්පිට පොලිස් රෝහලේ වර්ථමානය
වන විට ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
පොලිස් රෝහලට අනුයුක්ත වෛද්‍යවරුන්ට නිසි සැලකිල්ලක් නොමැතිවීම හා වෛද්‍යවරුන්ට නිසි උසස්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙලෙස ඔවුන් ස්ථාන මාරු ලබා පිටව යෑම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන අතර මෙම තත්ත්වය මත පොලිස් රෝහලේ සේවය සදහා වෛද්‍යවරුන් පැමිණීමට මැලිවේ. එසේම දැනට සේවයේ නියුතු වෛද්‍යවරුන්ද ස්ථාන මාරු ලබා පිටව යෑමට සූදානමින් සිටින බවට වාර්තා වේ.
තවද මෙම රෝහලේ සේවයේ නියුතුව සිටි ශල්‍ය වෛද්‍ය විශේෂඥයින් ද මෙලෙස ස්ථාන මාරු ලබා පිටව ගොස් ඇති බැවින් සියලු ශල්‍යකර්ම කටයුතු අත්හිටුවා ඇති බවටද පොලිස් රෝහලින් වාර්තාවේ.
සතියකදී වෛද්‍ය සායන 43 ක් පමණ මෙහි පවත්වන අතර ඒ සදහා දිවයිනේ ඈත ප්‍රදේශ වලින් හා බාහිර ප්‍රතිකාර සදහාද දිනපතා සැලකිය යුතු නිලධාරීන් පිරිසක් පැමිණෙන අතර සීමිත වෛද්‍යවරුන් පිරිසක් සිටීම හේතුවෙන් ප්‍රතිකාර සදහා පැමිණෙන නිලධාරීන් හා වෛද්‍ය වරුන් ද මේ නිසා මහත් අපහසුතාවය පත්ව ඇත.
තවද බාහිර රෝගී අංශයේ දිනපතා විශාල පිරිසක් ප්‍රතිකාර සදහා පැමිණියද එහි ඇද ඇතිරිලි පවා නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන අතර බළධාරීන්ගේ නිසි අවධානයක් මෙම රෝහල වෙත යොමු නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති අතර දිනපතා විශාල පොලිස් නිලධාරීන් පිරිසකට වෛද්‍ය සේවා සපයන මෙම රෝහලේ ගැටළු සම්බන්ධව අදාල බලධාරීන් හා පොලිස් පංති තුමාගේ අවධානය යොමු වනු ඇතැයි නිලධාරීන් අපේක්ෂා කෙරේ.

