BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
වර්තමානයේ මෙරට ජනතාවගෙන් සියයට 10 කට ආසන්න ප්‍රමාණයකට වකුගඩු රෝගය වැළදී ඇති බවත් එසේම වැඩිහිටියන් ගෙන් සියයට 15 ක් පමණ වකුගඩු රෝගය වැළදී ඇති අයවලුන් විය හැකි බවත් වකුගඩු අකර්මණ්‍ය රෝගීන් සඳහා ඇති හොඳම විසඳුම වකුගඩු බද්ධ කිරීම බවත් ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහත්මිය ප්‍රකාශ කළේ වකුගඩු රෝගය සඳහා විශේෂිත පහසුකම් ඇති කොළඹ මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහල පිළිබදව ජනතාව තුල දැනුවත් බවක් එතරම් නොමැති අතර ඒ සඳහා විවිධ පාර්ශව යොමු කරන රෝගීන් පමණක් මේ සඳහා යොමු වන බවක් දක්නට ඇති බවය.
දියවැඩියාව අධික රුධිර පීඩනය හා හෘදයාබාධ පාලනය නොකර ගැනීම හේතුවෙන් විශාල පිරිසක් මෙම රෝගයට ගොදුරු වන අතර වස විෂ ආහාරයට ගැනීම රූපලාවන්‍ය භාවිතය මාංශ පේශී වර්ධනය සදහා භාවිත විටමින් හා ඖෂධ භාවිතය නිසා තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මුත්‍රා රුධිර පරීක්ෂාවක් මගින් රෝගය ඇත්දැයි නිශ්චිතවම දැන් ගත හැකි බවත් වහාම එවැනි අවස්ථාවක වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතාම සුදුසු බවත් වැඩි දුරටත් සඳහන් කළාය

