BBCMirror.lk sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

 

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.BCනාවික හමුදා 75 සංවත්සරයට සමගාමීව නෞකා ප්‍රදර්ශනයක්.

නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරයට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම මත සමූද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහභාගිත්වයක් අවධාරණය කරමින් ” Sailing Strong Together ” යන තේමාව පෙරදැරිව ජාත්‍යන්තර යුධ නෞකා නීරීක්ෂණයක් සංවිධානය කිරීමට නාවික හමුදාව කටයුතු යොදා ඇති බවත් එය නාවික හමුදාව ලද විශිෂ්ඨ ගෞරවයක් බවද නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඉකුත් 24 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 75 වන නාවික හමුදා සංවත්සරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් පැවසීය.

එළැඹෙන නොවැම්බර් 30 දින මෙම යුධ නෞකා නිරීක්ෂණය – 2025 සදහා සහභාගී වීමට රුසියාව ඉංදියාව පකිස්ථානය ඉරානය මැලේසියාව බංග්ලාදේශය හා මාලදිවයින නියෝජනය කරමින් යුධ නෞකා 08 ක් සහභාගී වන අතර එම නෞකා හා ශ්‍රී ලංකා නාවික බල ඇණිය සමගින් සේනාධිනායක ගරු ජනාධිපති තුමා වෙත යුධ නෞකා ආචාර පිරිනැමීම ට නියමිතය.

එයට අමතරව එළැඹෙන නොවැම්බර් 28 දින සිට යුධ නෞකා කාර්ය මණ්ඩලය මෙන්ම නාවික හමුදාව අනෙකුත් හමුදා සහ ශ්‍රී ලංකා පොලීසිය සමග එක්ව විවිධ වැඩ සටහන් පැවැත්වීමට ද නියමිතය.

තවද ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා පාසැල් දරුවන් හා වැඩිහිටියන් හට නැරඹීම සඳහා බටහිර නැගෙනහිර උතුරු හා දකුණු විධානයන් වෙතින් අවස්ථාව සලසා දී ඇති බවද වැඩි දුරටත් පැවසීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *