මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී වාහන ආනයනය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රථවාහන මිල ගණන් අඩු වී ඇති බවයි.
මහ බැංකු පරිශ්‍රයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
“පළවෙනි එක තමයි පහුගිය දවස්වල අපි දැක්කා වාහන ආනයනය විවෘත කළාට පස්සේ ජූලි මාසේ ඉදලා එක සැරේට LC Open කරන එක වැඩි වෙලා, යම්කිසි ආකාරයක වාහන ආනයනය වැඩි වුණා. දැන් දකිනවා LC ඒ විවෘත කරපු දත්ත සීඝ්රයෙන් පහළ වැටීගෙන යනවා. නොවැම්බර් මාසයේ, දෙසැම්බර් මාසයේ සංසන්දනය කරනකොට ජූලි, අගෝස්තු සීඝ්රයෙන් ඒක අඩු වෙනවා. ඒත් එක්කම වාහන ආනයන මිලත් යම්කිසි ආකාරයකට නොවැම්බර්, දෙසැම්බර් මාසවල අඩුවේගෙන යනවා. එතකොට අපි දකිනවා ඒක වෙළඳපොළේ ස්ථාවරත්වයකට පත්වෙනවා. එතකොට ඉදිරියට යද්දි අපි දකින්නේ Pent-up demand එකෙන් දැන් ගැලවිලා ඉවරයි. දැන් ස්ථාවර වෙලා වාහන මිලත් අඩු වෙලා තියනවා. වාහන ආනයනයත් යම්කිසි ආකාරයකට ස්ථාවර වෙලා තියනවා.”

