විදුලි බිලට අලුත් 2.2% ක බරක්ද?
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික විසින් පවසා සිටියේ වීදි හා පොදු ස්ථාන ආලෝකකරණ කටයුතු සඳහා එක් එක් විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල්පතෙන් 2.2% ක මුදලක් අය කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල ප්‍රතිපත්තියෙහි සඳහන්ව තිබෙන බවයි.
මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ ජාතික විදුලි බල ප්‍රතිපත්තියෙහි,17 වන පිටුවෙහි සහ 5.2.1 සහ 5.2. 2 යන කොටසේ මේ සම්බන්ධයෙන් දක්වා තිබෙන බවය.
ඊයේ (5 වැනිදා) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙස පැවැසුවේය.

