උණුසුම්මෙ අවවාදාත්මක නිවේදනයක්

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ වව්නියාව සහ සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත් වන ලෙසත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙනිසා වැඩි වෙලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීම ඇති විය හැකි බවටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මෙනිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *