බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙක් වැලිසර නව බන්ධනාගාරය වෙත මාරු කරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2026/04/11දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් වන වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, ලොකුපැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, ආමි සම්පත්, මන්නා රමේෂ් යන අය ඇතුළත් වේ.

බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් බන්ධනාගාරයේ සිට විවිධ ජාවාරම් සිදු කරන බවට ලැබුණු තොරතුරු මත සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා මෙම පියවර ගෙන තිබේ.

වැලිසර නාවිකා හමුදා කඳවුරේ ඉදිකර ඇති වැලිසර නව බන්ධනාගාරය විශේෂ ආරක්ෂිත විධිවිධානව ඉදිකර ඇති අතර, එම බන්ධනාගාරයේ පළමු රැඳවියන් පිරිස ලෙස මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස රඳවා තැබීමට පියවර ගෙන ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *