ඉන්දීය උප ජනපති දිවයිනට 🇱🇰පැමිණෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද (19) ඉන්දීය ගුවන් සේවයේ INDIA – 01 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා  මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බවත් වාර්තා වේ.

අද පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටිනු ඇති අතර සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

අතර සංවර්ධන සහයෝගීතාවට අදාළ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *