දෙවන 2026 පාසල් වාරය අදින් ආරම්භයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2026 වර්ෂයට අදාලව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (20) දිනෙන් නිල වශයෙන් ආරම්භ වී තිබේ. එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ සිව්වන අදියරද අද සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 දිනෙන් අවසන් වූ අතර, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 19 දක්වා පාසල් නිවාඩු ලබාදී තිබුණි. එම නිවාඩු කාලය අවසන් වීමත් සමඟ දෙවන වාරය ආරම්භ වන අතර, එය ජූලි 24 වන සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවේ, 2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කළ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමද සම්පූර්ණ වී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි. රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසුන්ට මෙන්ම රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් සඳහා අවශ්‍ය සමස්ත රෙදි ප්‍රමාණය මෙලෙස ලබාදී ඇත.

මෙහිදී රෙදි මීටර් මිලියන 11.484ක ප්‍රමාණයක් චීන රජය විසින් ප්‍රදානය කර ඇති අතර, සිසු දරු දැරියන් 4,418,404කට එම නිල ඇඳුම් රෙදි බෙදාහැරීම මේ වන විට සම්පූර්ණ කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *