හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවය.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට පොලිස් භාරයේ පසුවන අතර, ඔහු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.


https://shorturl.fm/XVJid