ජනපතිතුමා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව ලබා දී තිබේ.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ලදී.

ඊට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීම සිදු කෙරුණේ එවන් පසුබිමකය.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා සමග පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබුණි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *