අනුරාභිවන්දනා – අඹගමුව ක්‍රිඩා දෙයියාට ගෝල උපහාර

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සුගත් තිලකරත්න ඇතුළු ජාත්‍යන්තර හා ජාතික  තලයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්  බිහිකල ප්‍රවිණ ක්‍රිඩා උපදේශක අනුර බණ්ඩාර මහතාගේ මෙම මස 22  දිනට යෙදී තිබුනු 59 වන ජන්ම දිනයට සමගාමීව ගෞරවය , කෘතගුණ උපහාර දැක්වීමේ උත්සවයක් අඹගමුව ප්‍රදේශයේ දී පැවැත් විය .

එහිදි අඹගමුව රෙස්පිටිය ක්‍රිඩා පිටිය අනුර බණ්ඩාර ක්‍රිඩා පිටිය ලෙස නම් කිරිම ද සිදු කරන ලදි .

අඹගමුව ගම්මානයේ උපත ලද අනුර බණ්ඩාර මහතා හැටන් අධ්‍යාපන කලාපයේ සහකාර ක්‍රිඩා අධ්‍යෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටි .කිසිදු විශේෂ අනුග්‍රහයක් ද නොමැතිව අවම පහසුකම් යටතේ ඔහු විසින් පුරුදු පුහුණු කර විශාල ක්‍රිඩක ක්‍රිඩිකාවන් පිරිසක් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය ලබා ගෙන තිබේ .

සුගත් තිලකරත්න, යමානි දුලාංජලී, අයෝමාල් අකලංක වැනි මලල ක්‍රීඩාවෙන් දකුණු ආසියාව,  පොදුරාජ්‍ය මණ්ඩලය දිග් විජය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු වූයේ අනුර බණ්ඩාර මහතාය.

ඔහුගේ පුහුණු ව හා මගපෙන්වීමෙන්  1998 වසරේ සුගත් තිලකරත්න  මීටර් 400 තත්පර 44.61 ජය ගැනිම.   44.61 අදටත් දකුණු ආසියාවේ මීටර් 400 ඉසව්වේ ඉහළම දක්ෂතාවය වේ.

1990 දී ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක් වශයෙන් සේවයට එක් වී අඩුපාඩු පසෙකලා ලී දඬු සහ කොහු ලණු ඇද කඩුළු මතින් දිවයාම වැනි අවම පහසුකම් මධ්‍යයේ තමා විසින්ම ප්‍රගුණ කරගත් පුහුණු ක්‍රමවේද හරහා අවසානයේ ලෝකයේ මහාද්වීප හයම තරණය කර තම පාසැලට, ප්‍රදේශයට, පළාතට මෙන්ම රටට ජයග්‍රහි පදක්කම් කිර්තිය ගෙන ඒමට ක්‍රිඩක ක්‍රිඩිකාවන් බිහිකිරිම ට අනුර මහතා ලබා දුන් විශිෂ්ඨ සේවය සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුය. ඔහු ඉදිරි 2027 වසරේ දී සහකාර ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් වශයෙන් රාජ්‍ය සේවයෙන් සමුගැනිමට නියමිතය.

ඔලිම්පික් ක්‍රීඩකයෙකු නිර්මාණය කළ ශ්‍රීලංකාවේ පළමු පාසැල් ශාරීරික අධ්‍යාපන උපදේශකවරයා වන අනුර බණ්ඩාර මහතා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනූ ක්‍රීඩකයෙකු නිර්මාණය කළ ශ්‍රීලංකාවේ පළමු පාසැල් ශාරීරික අධ්‍යාපන උපදේශකවරයා .පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනූ ක්‍රීඩකයෙකු නිර්මානය කළ ශ්‍රීලංකාවේ පළමු සහ එකම පාසැල් ශාරීරික අධ්‍යාපන උපදේශකවරයා.  ඔලිම්පික් ක්‍රීඩකයෙකු නිර්මාණය කළ ශ්‍රීලංකාවේ ලාබාලතම පුහුණුකරු (වයස 29 දී) හා  ඔහු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනූ ක්‍රීඩකයෙකු බිහිකළ ශ්‍රී ලංකාවේ ලාබාලතම පුහුණුකරු (වයස 31 දී)ය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යන සියල්ලේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ ශ්‍රීලංකාවේ එකම පුහුණුකරුකු වන්නේය. වැඩිම කාල පරාසයක් තුල (වසර 31 ක්) ලෝක මට්ටමේ, පොදුරාජ්‍ය මණ්ඩලීය මට්ටමේ සහ ආසියානු ක්‍රීඩා මට්ටමේ ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ පුහුණුකරු වන අනුර මහතා නිසාම 1994 වසරේ ලන්ඩන් හි පැවති ලෝක කුසලාන මලල ක්‍රීඩා සඳහා සුගත් තිලකරත්න සහභාගි විය. 2025 වසරේ අයෝමාල් අකලංක මීටර් 400 කඩුළු මතින් දිවිම කණිෂ්ඨ ලෝක ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයට පත් විය.

මෙවැනි ජයග්‍රහණයන් රැසක් වෙනුවෙන් අවම පහසුකම් මධ්‍යයේ ඇතුම් විට නවක ක්‍රිඩකයින්ට තම පුද්ගලික වියදමෙන් කෑම බීම හා බස් ගාස්තු  පවා ලබා දෙමින් කල සෙවයට ඇගයිමක් වශයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබින .

එම අවස්ථාවේ පාසල් තූර්ය වාදන හා නර්තන සහිත පෙරහරකින් කැදවාගෙන ගොස් ගොක් කොල වලින්  නිර්මාණය කල ඔහුගේ ඡායාරූපයක් විවෘත්ත කිරිම ,කෙක් කැපිම ,සමරු තිළිණ ප්‍රධානය හා උපහාර ගීතය එළි දැක් වීම හා අඹගමුව රේස් පිටිය ක්‍රිඩා පිටිය අනුර බණ්ඩාර ක්‍රිඩා පිටිය ලෙසින් නම් කිරිමද සිදු කරන ලදි .

එම අවස්ථාවට නියෝජ්‍ය ක්‍රිඩා ඇමති සුගත් තිලකරත්න ,අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ක්‍රිඩා අධ්‍යක්ෂ සංජීව විරක්කොඩි,මධ්‍යම පලාත් සභාවේ හිටපු ක්‍රිඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන,ජාත්‍යන්තර තරග සටහන් කරු හා සමන් කුමාර ගුණවර්ධන ,හැටන් කලාපයේ හිටපු කලාප අධ්‍යක්ෂ ,මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති නාමල් චන්දන මහතා ඇතුළු පිරිසක් හා අනුර බණ්ඩාර මහතාගෙන් පුහුණුව ලද ක්‍රිඩක ක්‍රිඩිකවෙන් රැසක් එක්ව සිටියහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *