තෙල් සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් සකස් වේමින් පවති
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඉරානය – අමෙරිකාව අතර වොෂින්ටනයේදී සකස් වෙමින් පවතින නව කෙටුම්පත් සාකච්ඡා රාමුවක කොටසක් ලෙස, ඉරානයේ තෙල් ක්ෂේත්‍රයට පනවා ඇති සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව එකඟ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
නව යෝජනාව පෙර යෝජනා වලට වඩා වෙනස් වන්නේ, අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසුව පමණක් සම්බාධක ඉවත් කිරීම වෙනුවට සාකච්ඡා ක්‍රියාවලිය සිදුවන අතරතුරදීම ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට මෙයින් අවස්ථාව සලසා දී ඇති බැවිනි.
එහෙත් දිගුකාලීන ගිවිසුමකට එළඹීම සඳහා අමෙරිකාව විසින් පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඉරානය දිගින් දිගටම අවධාරණය කර ඇත.

