රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාව තුළ දැඩි අසහනයක් ඇතිවී තිබෙනවා

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ලෝක ආර්ථික බලපෑම්, විශේෂයෙන් මැදපෙරදිග ගැටුම්, ඉරානය – ඉරාක් – ඇමරිකානු බලපෑම් වැනි ජාත්‍යන්තර තත්ත්වයන් රටේ ආර්ථිකයට බලපාන බව අප පිළිගන්නවා. එහෙත්, ඒ සමඟම රට තුළ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ බරපතළ ගැටලු සහ අසතුටක් පවතිනවා.

මගේ පෞද්ගලික හැඟීම අනුව ජනාධිපති ගරු Anura Kumara Dissanayake මහතාට රට යහපත් මාර්ගයකට ගෙන යාමේ අවශ්‍යතාවයක් සහ කැමැත්තක් තිබෙනවා. නමුත්, ඔහු වටා සිටින ඇතැම් ආර්ථික උපදේශකයන් සහ නිලධාරීන් ජනතාවට වඩා විශාල ව්‍යාපාරික පාර්ශවයන්ට වාසිදායක වන ආකාරයට බදු ප්‍රතිපත්ති සැකසීමට උපදෙස් දෙනවාද යන්න පිළිබඳ සැකයක් ජනතාව අතර ඇතිවී තිබෙනවා.

විශේෂයෙන් මධ්‍යම පන්තියේ ජනතාව අද දැඩි පීඩනයකට ලක්වී සිටිනවා. පෙර සාධාරණ මිලකට ලබාගත හැකි වාහන අද අතිශයින් ඉහළ මිලකට පත්වී තිබෙනවා. උදාහරණයක් ලෙස පෙර ලක්ෂ 30–35 අතර තිබූ වාහන අද ලක්ෂ 70–80 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට හොඳ තත්ත්වයේ වාහනයක් මිලදී ගැනීම සිහිනයක් බවට පත්වෙලා.

ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන්ට සහනදායී වන, සාධාරණ බදු ප්‍රතිපත්තියක්. එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවුවහොත්, ඉදිරියේදී ආණ්ඩුවේ ජනප්‍රියතාවය වේගයෙන් පහළ යා හැකි බව පෙනී යනවා.

අපි හැමවිටම ජනතාවගේ පැත්තේ සිටිනවා. ජනතාවට සහනයක් ලබාදීම තමයි රජයේ සහ සියලුම වගකිවයුතු පාර්ශවයන්ගේ ප්‍රමුඛ වගකීම විය යුත්තේ.

ආචාර්ය එම්.එම්. සෆාන්

විධායක අධ්‍යක්ෂක

මානව හිමිකම් ආරකෂණ සංවිධාණය

CEO

Asia News Plus One

BBCMirror Media

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *