නිරිත දිග මෝසම දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කෙරේ.

උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ද හමා යා හැකි බව කාලගුණ අංශය පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවට කරුනිකව දැනුම් දී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *