නඩුවක තීන්දුවෙන් 5කට මරණ දඬුවම

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අවුරුදු 19කට පෙර සිදුවූ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්දෙනෙකුට බලපිටිය මහාධිකරණය මරණ දඬුවම් නියම කර තිබේ.

මරණ දඬුවමට ලක්ව ඇත්තේ එකම පවුලක පියෙකු, ඔහුගේ පුතුන් දෙදෙනෙකු සහ තවත් ඥාතීන් දෙදෙනෙකු බව වාර්තා වේ.

බටපොළ බටදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පොලු සහ මුඟුරු යොදා පහරදී ඝාතනය කිරීමේ චෝදනා මත මෙම නඩුව පවරා තිබුණි.

2007 ජූලි 29 වැනිදා හෝ ඒ ආසන්න කාලයකදී පවුල් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (22) මෙම තීන්දුව ලබාදී ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *