චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය කොළඹදී සමරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය ඊයේ (26) කොළඹදී විශේෂ උත්සවයකින් සමරනු ලැබීය.

මෙම උත්සවය චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කර තිබූ අතර, එය පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග් හොන්ග්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ජී. වීරසිංහ ඇතුළු දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටියහ.

සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, සියවසකට අධික කාලයක් පුරා චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදුන් නායකත්වය චීනයේ ජාතික සංවර්ධනය, සමාජීය ප්‍රගතිය සහ ජනතා සුබසාධනය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බවයි. එමෙන්ම ගෝලීය ආර්ථික වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදීද චීනය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බව ඇයගේ පණිවිඩයේ දැක්විණි.

අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ පොදු අරමුණක් මත ගොඩනැගුණු නායකත්වය විවිධත්වය ශක්තියක් බවට පත් කළ හැකි බව චීනයේ අත්දැකීම් පෙන්වා දෙන බවයි. චීන තානාපතිවරයාද සඳහන් කළේ ශ්‍රී ලංකාව හා චීනය අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ තරුණ පරපුර අතර සමීප සබඳතා ඉතා වැදගත් බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *