අමෙරිකා ඉරාන ගැටුමෙ මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමෙරිකා ඉරාන ගැටුම තවදුරටත් උණුසුම් වෙමින් දෙරටේ හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ දින 60ක සාකච්ඡා ක්‍රියාවලියකින් පසු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් පසුගිය මාසයේදී අත්සන් කළ බව කියන අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම සම්බන්ධයෙන් යළි සැක මතුව තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ බලය තහවුරු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය පවසන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නෞකා සහ වාණිජ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඉරානය සතු වීම දුර්වල කිරීමේ අරමුණින් මෙහෙයුම් ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සති අන්තයේ අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාකර් කලීබාෆ් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන් වී ඇති බවත්, පොරොන්දු ඉටු නොකළහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත්ය.

පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද ක්‍රියාමාර්ගවලින් පසු, අමෙරිකානු හමුදා කඳවුරු පවතින රටවල් ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර එල්ල වීමත් සමඟ ගල්ෆ් කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අස්ථාවර වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වීම හේතුවෙන් බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර, එය ලෝක ආර්ථිකයට සහ ගෝලීය උද්ධමනයට බලපෑම් ඇති කරමින් පවතින බව වැඩි දුරටත් වාර්තා වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *