‘Run for Sri Lanka’ මීගමුව අර්ධ මැරතන් තරගය උත්කර්ෂවත් ලෙස පවත්වයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය (Sports Tourism) නව මානයකට ඔසවා තබමින් සංවිධානය කෙරුණු ‘Run for Sri Lanka’ මීගමුව අර්ධ මැරතන් තරගය ඉකුත්දා  (12) උදෑසන මීගමුව කඩොල් උයන ක්‍රීඩාංගනය අසලින් සාර්ථකව ආරම්භ විය.

තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සෘජු මූලිකත්වය සහ මගපෙන්වීම යටතේ සංවිධානය වූ මෙම ධාවන තරගය සඳහා දෙස් විදෙස් වෘත්තීය මට්ටමේ සහ ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් ඉතා උද්‍යෝගයෙන් සහභාගී වූහ.

මීගමුව වෙරළ තීරයේ මනරම් සුන්දරත්වය ලෝකය වෙත විදහා දක්වමින් සුප්‍රසිද්ධ වෙරළ මාර්ගය (Beach Road) ඔස්සේ මෙම තරගය ධාවනය වූ අතර එය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට ඇති හැකියාව නැවත වරක් සනාථ කළ අවස්ථාවක් විය.

දිවයිනේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සහ මෙරට සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ඇතිව මෙම වැඩ සටහන් ක්‍රියාත්මක වේ.

තරගය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සදහන් කළේ, මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් හරහා මෙරට ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙනවා මෙන්ම ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීමට ද කදිම පිටුවහලක් ලැබෙන බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *