නාවික හමුදා මැරීන් භටයන් 36 ක් විසිර යයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

නාවික හමුදා මැරීන් බලකායේ 10 වැනි බදවා ගැනීමේ බල ඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ලද නිලධාරීන් 03 දෙනෙකු සහ නාවික භටයින් 33 දෙනෙකු වෙත ලාංඡන පැළදවීමේ උත්සවය ත්‍රිකුණාමලය සාම්පූර් හි නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ඉකුත් 29 දා පැවැත්විණි.

මාස 08 ක් පුරා පැවැති අති දුෂ්කර පුහුණුව සමත් වූවන් හට ලාංඡන පැළැදවීම නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා විසින් සිදුකරන ලදී.

තවද මෙම ලාංඡන පැවැත්වීමේ අවස්ථාව නාවික හමුදා මැරීන් බලකායේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දක්වන ආකර්ෂණීය සංදර්ශනයකින්ද වර්ණවත් වූ අතර එම අවස්ථාව සදහා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ  නිලධාරීන් යුධ ගුවන් හා පොලීසියේ උසස් නිලධාරීන් මෙන්ම විසිර යනු ලබන නාවික හමුදා පුද්ගලයන් ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *