සෙවණගල සීනි කර්මාන්තශාලාව වසාදැමේ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
සීමාසහිත ලංකා සීනි (පෞපුද්ගලික) සමාගමේ සෙවණගල ඒකකයට අයත් සීනි කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු දින නියමයක් නොමැතිව වසාදැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, සේවකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට සෙවණගල ඒකකයේ සේවකයන් පිරිසක් සිය රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට කටයුතු කර තිබූ බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ හේතුවෙන් සිදුවිය හැකි මූල්‍ය අලාභය වළක්වාගැනීම සඳහා පසුගිය 26 සහ 27 යන දිනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයන් හැර අනෙකුත් සේවකයන්ට නිවාඩු ලබා දී තිබේ.
එමෙන්ම, ඊයේ (28) දිනයේදී යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා විසින් සේවකයින්ට දැනුම් දී තිබූ බවද සමාගම සඳහන් කරයි.


