ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය 2026/09/02 දින අවසන්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
එකෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ඉයේ (02) නියෝග කළා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ, අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහය පළ කරමින් ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (03) දින පස්වරු 3.00ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශවකරුවන්ට දැනුම් දෙනු ලැබුවා.

