EL Nino ප්‍රහාරයට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
EL Nino අභියෝග හමුවේ ගොවි බිම ජය ගනිමු
කාලගුණික තත්වයන්ගෙන් ඇතිවන වෙනස් වීම්, මහවැලි නදිය ඇතුළු අනෙකුත් ජලාශවල ජල පෝෂක ප්‍රදේශවල වර්ෂාව නිසා ඇතිවන වෙනස් වීම්, වියලි තත්ත්වය නිසා ඇතිවන වෙනස් වීම්, ඉදිරියට ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවත් EL Nino ස්වාභාවික කාලගුණික විපර්යාස පිළිබඳවත් පැසිපික් සාගරය හා ශාන්තිකර සාගරය ආශ්‍රිතව සිදුවන භූගෝලීය වෙනස්කම් පිළිබඳව තොරතුරු විග්‍රහ කිරීමට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට එයින් බලපෑ හැකි තත්ත්වයන් පිළිබඳව සහ කෘෂිකාර්මික නිෂ්පාදන කුමන දිශානතියකට ගමන් කරයිද යන්න සාකච්ඡාවක් අද (02) දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විය.
මේ වනවිට EL Nino බලපෑම අපි අත්විඳිමින් සිටිනවා. 2026-2027 මහා කන්නය හා එළඹෙන යල කන්නයට කොහොමද EL Nino තත්ත්වය බලපාන්නේ හා දැනට ලැබෙන පුරෝකතන අනුව අධික වැස්සක් මහා කන්නේ දී ලැබෙන බවත් වී වගාව කොහොමද රට තුළ සැලසුම් කරන්නේ යන්නත් මහා කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 8ක් වී වගා කරන බවත් යල කන්නයේ දි හෙක්ටයාර් පල්ල ලක්ෂ විසිපන්දාහක් පමණ වී වගා කරා කරන බවත් එම අස්වැන්න වැඩිකර ගැනීම මෙම EL Nino තත්ත්වය හමුවේ වගා කළ යුතු ප්‍රභේද හා අවම හානියක් යටතේ අභියෝග ජය ගන්නා ආකාරය බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය සුදර්ශනී පතිරණ මහත්මිය විසින් පෙන්වා දෙන ලදී. මෙවැනි අවස්ථාවකදී කෙටි කාලීන වී ප්‍රභේද භාවිතා කළ හැකි බවත් මාස දෙකහමාරේ හා මාස තුනේ වී ප්‍රභේද එනම් 300-310-AT308-309 වැනි වී ප්‍රභේද භාවිතා කිරීමට ඇය විසින් නිර්දේශ කරන ලදී. තවද ජලය අර පිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවත් ජල කලමනාකරණ තාක්ෂණය භාවිතා කළ යුතු බවත් අධික වර්ෂාවක් ආවොත් ජලය බැස යන කානු පද්ධති පිළිසකර කර යුතු බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ක්ෂේත්‍ර භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක වසන්ත මලවී ආරච්චි මහත්මා විසින් ආහාර සුරක්ෂිතතාවයට බෙහෙවින් බලපාන භෝග කාණ්ඩයක් වන අතිරේක ආහාර සඳහා වගා කරන බෝග වල වැදගත්කම ගැන පැහැදිලි කරමින් කියා සිටියේ මේ පවතින තත්ත්වයේ ලොකු බලපෑමක් වී නොමැති බවත් වියලි කලාපයේ ඉතාමත් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවත් යල කන්නයේ අවසාන බාගය වන විට අස්වනු නෙළා අවසන් බවත් සමහර භෝග කිහිපයක් අත්සන් නෙළීම අවසාන තත්වයේ පසුවන බවත් කියා සිටියාය. යලකන්නේ දී වගා කරන තල ප්‍රධාන භෝගයක් ලෙස සැලකෙන බවත් එය මාර්තු මාසේ තල වැස්සක් ලෙස හඳුන්වන බවත් සෝයා බෝංචි, බඩ ඉරිඟු, උදු සහ කවිපි වැනි බෝග අස්වනු නෙලා අවසන් බවත් කියා සිටියේය. තවද වර්ෂාව කුමන විදිහකින් වැඩි වුවත් පස කළමනාකරණය කිරීම හා ග කළමනාකරණය කර ගැනීම සහ පංශු සංරක්ෂණ වැටි ඉදිකිරීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දෙන ලදී. අධි ඝනත්ව වගාවන් සිදු කිරීමෙන් විවිධ රෝග බෝවීම ට ඉඩ ඇති බවත් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න කිරීම මඟින් එයා අඩුකර ගත හැකි බවද පෙන්වා දෙන ලදී. උස් පාත්තිවල භෝග වගා කිරීමේ වැදගත්කම, අධික වර්ෂාව මඟහැර පොහොර යෙදීමේ වැදගත්කම සහ පසට යටින් පොහොර යෙදීමේ වැදගත්කම පැහැදිලි කළාය. තවද තමන් යෙදූ පොහොර ප්‍රමාණයේ අඩුපාඩු මත ඌනතා රෝග බෝවීමේ අවදානම් තත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන ලදී.
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක අජිත් ගුණසේකර මහත්මා විසින් පළතුරු වගාවට එරෙහිනෝ තත්ත්වය හේතුවෙන් බලපෑමක් ඇතිවී තිබෙනවාද මෙම පලතුරු භෝග වලින් සාර්ථකත්වයක් උදාකර ගත හැක්කේ කෙසේද යන්න පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක I.K අතපත්තු මහත්මාගෙන් විමසූ අතර එම පැනයට පිළිතුරු ලබාදෙමින් පලතුරු වලට අවම අවධානයක් යොමු වන බවත් හානියකින් තොරව පලතුරු අස්වනු නෙළා ගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. එල්නිනෝ තත්ත්වය හමුවේ අධික වැසි තත්ත්වයක් උදාවුවහොත් කෙසෙල්, පැපොල් සහ වැල් දොඩම් වලට වැඩි හානියක් ඇතිවිය හැකි බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. තවද ගුණාත්මක කමින් අඩු පලතුරු වෙළඳපොළට නිකුත්වන බවත් ඔහු විසින් කියා සිටියේය. කෙසෙල් සහ පලතුරු වගාව සම්බන්ධයෙන් වැදගත්ම දිස්ත්‍රික්කය සහ කලාප මොනරාගල, රත්නපුර සහ අම්පාර ආශ්‍රිත කලාප හඳුනාගෙන තිබෙන බවත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. තවද අණ පනත් යාවත්කාලීන කිරීම් සිදුවන බවත් ඔබට මෙම තාක්ෂණික සම්බන්ධ ගැටලු සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලබාගත හැකි බවත් පැවසීය.
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ආ. රෝෂණී හෆීල් මහත්මිය විසින් එල්නිනෝ බෝග වගාව සඳහා බලපෑමක් දැනට ඇතිවී නොමැති බව කියා සිටි. අම්පාර, මඩකලපුව සහ බණ්ඩාරවෙල වැනි වියලි කලාප වල එළවළු වගාවල යම් හානි වාර්තා වුවත් එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමක් ඇති නොවී ඇති අතර සමහරක් අස්වනු මේ වන විට නෙලා අවසන් බවත් ඔවුන්ට වගාව ආරක්ෂා කරගන්නා ආකාරය විටින් විට නිර්දේශයන් නිකුත් කරන බවත් ඇය විසින් කියා සිටියාය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මෙම විද්වත් හමුවට මූලික උපදේශකත්වය ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුර විජයතුංග සැපයූ අතර බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය සුදර්ශී පතිරණ, ක්ෂේත්‍ර භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක වසන්ත මලවි ආරච්චි උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ආ. රෝෂණී හෆීල් මහත්මිය පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක I K. අතපත්තු මාධ්‍ය අංශයේ කපිල මහත්මා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.


Really liking the variety of options here. It is easy to navigate and the customer support team is actually helpful and responsive. Five stars! 688jilicomlogin