ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ගැසුවේ නැතැයිද දළදා මාළිගාවට බෝම්බ ගැසුවේ කොටි ත්‍රස්තවාදීන් යැයි ද මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැවසූහ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
එස්.කේ.සමරනායක
සමගි ජන බලවේගයේ. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (12) මහ නාහිමි බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාහිමියන් මෙසේද කීය.
මේ ආණ්ඩුව එන්න ඉස්සර වෙලා මේ අය කිව්වා පන්සල් ටික ඉවරයි බුද්ධාගම ඉවරයි පෙරහරක් කරන්න ලැබෙන්නේ නැහැ කියලා නමුත් දැන් මහනුවර පෙරහර ඉතාමත් හොදින් පැවැත්වූවා..
මෙහිදී මල්වතු මහා නාහිමිපාණන් වහන්සේ මෙසේද පැවසූහ. ජනාධිපතිතුමා විසින් පත්කළ කමිටුව මගින් මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත නව නීති සහිත තීරණ ලබා දෙනවා කියලා තිබෙනවා. එතෙක් භික්ෂූන් වහන්සේ අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නම් උන්වහන්සේ හැඳ සිටි චීවරයෙන් ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි යන්න තමයි අපේ අදහස. ඒ සම්බන්ධයෙන් අපි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාට ලිඛිතව දැනුම් දුන්නා. මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ මහා සංඝරත්නයට විශාල වශයෙන් අපහාස කිරීමේ අගෞරව කිරීමේ ව්යාපාරයක් ක්රියාත්මක වෙනවා. මේවා සිදුකරන ඇතැම් පුද්ගලයෝ කිසිම පක්ෂයකට සම්බන්ධ අය නෙවෙයි. අපි හිතුවේ රජය මැදිහත් වෙලා මේවා සම්පූර්ණයෙන් නැති කරයි කියලයි. එහෙම කරන්න පුළුවන්. දැන් චීනයේ සමාජ මාධ්ය පාලනය කරලා තියෙනවා. අපේ රටෙත් ඒ ආකාරයෙන් පාලනය කිරීම සඳහා නීති ගෙන ආ යුතුයි. භික්ෂූන් වහන්සේ අරභයා සිදුකරන අපහාස වහාම නැවැත්විය යුතුයි. මේවා කවුරු කළත් අපිට පිළිගන්න බෑ. අපි දැක්කා ජනාධිපතිතුමාට පවා සිවුරු අන්දවලා, භික්ෂූන් වහන්සේට ගිහි ඇඳුම් අන්දවල දර්ශන සමාජ මාධ්ය වලට යොමු කරලා තියෙනවා. මේවා කිසිසේත් පිළිගන්න බෑ. මේ අගෞරව කිරීම නැවැත්විය යුතුයි. මේවා පාලනය කළ යුතුයි. නව නීති ගේන්න ඉස්සර වෙලා භික්ෂූන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනවානම් සිවුරෙන් පමණක් ඉදිරිපත් කළ යුතුයි. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළා.
අද පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් මේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්රිතව ශාසනයේ හිටපු අය බවත් අපි දන්නවා. අපි ඉල්ලන්නේ භික්ෂූන් වහන්සේ ඉලක්ක කරගෙන මේ සිදු කරන නින්දා අපහාස කඩිනමින් නවත්වන්න කියලයි. ඇතැම් අය ආණ්ඩුව සම්බන්ධයෙන් පවා අසත්ය පළ කරනවා. දැන් මේ ආණ්ඩුව එන්න ඉස්සර වෙලා මේ අය කිව්වා, පන්සල් ටික ඉවරයි, බුද්ධාගම ඉවරයි, පෙරහරක්වත් කරන්න ලැබෙන්නේ නෑ කියලා. නමුත් දැන් ඔය නුවර පෙරහැර ඉතාමත් හොඳට පැවැත්වූවානේ. දළදා මාලිගාවේ කරඬුවක් සම්බන්ධයෙන් පවා විවිධ අය දොස් කියනවා. විශේෂයෙන් හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරත්න මේ සම්බන්ධයෙන් විවේචනය කරනවා දැක්කා. එතුමා ගොඩක් කියලා තියෙන්නේ බොරු. එතුමාගේ කාලයේ ඔය කරඬුවල ලැකර් ආලේප කළා. ඒවා කවුරුත් දන්නේ නෑ. තිබුණු පිත්තල කරඬුව
වෙනුවට රන් කරඬුවක් ලබාදීම ඉතාමත් හොඳ කටයුත්තක් ලෙසයි අපි දකින්නේ. ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද. දැන් රජ කාලේ භාවිතා කළ දේවල් ඉවත් කරලා වර්තමානයට ගැලපෙන ආකාරයෙන් යම් භාණ්ඩ සකස් කරලා භාවිතා කරනවා. පැරැණි තිබුන කරඬුවටත් අවශ්ය ගෞරවය ලබාදීලා තැන්පත් කරලා තියෙනවා. එතන කිසිම ගැටලුවක් නැහැ. ඒ අය කියනවා ජනතා විමුක්ති පෙරමුණත් මාලිගාවට බෝම්බ ගැහුවා කියලා. එහෙම එකක් වුනේ නෑ. කොටි ත්රස්තවාදින් තමයි මාලිගාවට බෝම්බ ගැහුවේ. ජනතා විමුක්ති පෙරමුණ කලේ මාලිගාවේ ආරක්ෂාවට හිටපු අයගේ තුවක්කු පැහැර ගැනීම පමණයි.
මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිස නාහිමිපාණන් හමුවේ සඳහන් කළේ වර්තමාන රජය මේ රට නිරාගාමික රාජ්යයක් බවට පත් කිරීම සඳහා මූලික අඩිතාලම දමමින් සිටින බවය.
සති දෙකකින් භික්ෂූන් වහන්සේ උදෙසා නව නීති ගේන්න අමාරුයි. ඊට වඩා කල් යනවා. ජනාධිපතිතුමාට පුළුවන් එතෙක් භික්ෂූන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනවානම් චීවරයෙන් ඉදිරිපත් කරන්න කියලා විධානයක් දෙන්න. නමුත් එහෙම කරන්නේ නෑ. ඒක එයාට අවශ්ය නෑ. මේ සම්බන්ධයෙන් එරෙහි වන සියලු දෙනාට සමාජ මාධ්යයෙන් මඩ ගහනවා. ඒවා කරන්නෙත් මේ ආණ්ඩුවට සම්බන්ධව ඉන්න සමාජ මාධ්ය ජාලා උපයෝගී කරගනිමින් තමයි. ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්ය කණ්ඩායමේ 2000 -3000 අතර පිරිසක් ඉන්නවා. මේ අය තමයි මට ගහන්නේ. අපහාස කරන්නේ. එදා මිනිස් ඝාතනයක් කරපු මැතිව් පීරිස් පියතුමාගේ ලෝගුව හිර ගෙදරවත් ගැලෙව්වේ නෑ. ආගමික නායකයන්ට ගරු කළා. දැන් මේ ආණ්ඩුව කටයුතු කරන විදියට තිබුන ජන පදනම සීඝ්රයෙන් අඩු වෙමින් යනවා. ඒ නිසා තමයි මේ බුද්ධාගමට පහර ගහලා අන්යාගාමික ඡන්ද ලබාගන්න සැලසුමක් ක්රියාත්මක කරන්නේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනෑම ආණ්ඩුවක් ව්යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. මේ අය බුද්ධාගම විනාස කරන්න මේ රට නිරාගාමික රටක් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. අපි දිවි හිමියෙන් බුද්ධාගම ආරක්ෂා කරනවා. ඒ සඳහා සියලුම ශ්රී ලාංකිකයෝ පෙරට ආ යුතුයි.
මෙම කණ්ඩායම අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ මෙන්ම අනුනායක පූජ්ය නාරම්පනාවේ ශ්රී ආනන්ද නාහිමියෝද බැහැ දැක වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දෙපොල දැනුවත් කිරීමටද පියවර ගත්හ.
මෙම අවස්ථාවට සමගි ජන බල වේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, කිංස් නෙල්සන්, සුජීව සේරසිංහ, ඒ.සී. අලවතුවල, රෝහණ බණ්ඩාර, සුරංග රත්නායක, රෝහිනී කවිරත්න, චමින්ද්රානි කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්රීවරු මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල, වසන්ත යාපා බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, මහාචාර්ය උපුල් දිසානායක ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
humanrightspo.org
www.asianews.lk
www.bbcmirror.lk
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
www.ceylonnewsmedia.com
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
http://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

