ඔක්තෝබර් මස 13 වන දින වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැක.

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දින(13) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) ක පමණ තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති වියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *