පාසල් දරුවන්ට ලබාදෙන රුපියල් 6,000 දීමනාව 2027 දි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2027 පාසල් වර්ෂය සඳහා පාසල් දරුවන් ලක්ෂ 15කට රුපියල් 6,000 බැගින් ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල පාසල් දරුවන් ලක්ෂ 10කට අදාළ මුදල බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට නියමිතය.

එමෙන්ම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනාගත් තවත් දරුවන් ලක්ෂ 5කට රුපියල් 6,000ක් වටිනා වවුචර්පත් ලබාදීමට ද සැලසුම් කර ඇත.

පාසල් ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන 2025 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, 2027 වසර සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *