BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළබ.
.
දියවැඩියාව නිසා අන්ධ විය යුතු නෑ.
දියවැඩියා රෝගය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 11 සිට 23 දක්වා ප්‍රමාණයකට බලපෑම් කරන බවත් අක්ෂි රෝග නිසා පුද්ගලයින් අන්ධභාවයට පත්වන නමුත් දැන් එලෙස අන්ධභාවයට පත්වීමට අවශ්‍ය නොවන බවත් ඒ සදහා අනිවාර්යෙන් අක්ෂි රෝහලකින් පරීක්ෂාවක් සිදුකොට නිසි ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඊයේ (12 ) දින කොළබ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාන්සයේ පැවති එලැබෙන 14 දිනට යෙදී ඇති ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පැවති දැනුවත් කිරීමේ මාද්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ දෘශ්ටි විතානය පිළබද විසේසන්ය අක්ෂි ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති වි. වෛද්‍ය ආර්. කේ. දයාවංශ මහතා ප්‍රකාශ කළේය.
දියවැඩියාව රෝගය නිසා ශරීරයේ සියළුම ඉන්ද්රියයන් බලපෑමට ලක් වන අතර ඇසට මේ තත්ත්වය බලපෑම හේතුවෙන් ඇසෙහි රුධිර නාල පුපුරා ලේ සහ තෙල් ආදිය ගලාවිත් දෘෂ්ටි විතානය විනාශ වී ඇසෙහි පෙනීම නැතිවිය හැකි බවත් නමුත් මුල් අවස්ථාවේදී මේ තත්ත්වය හදුනාගැනීම තුලින් හා නිසි ප්‍රතිකාර ලබා ගැනීම තුලින් අන්ධභාවයට පත් වීම හෝ අර්ධ අන්ධ භාවයට පත්වීම වලක්වා ගත හැකි බවට ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ලෝකයේ ආසියානු කලාපය තුල වැඩිහිටියන්ගෙන් නවයෙන් එකක ප්‍රමාණයක් දියවැඩියාව රෝගයෙන් පෙලෙන බවය. 2006 වර්ෂයේ සිට 2050 වර්ෂය වන විට සෞඛ්‍ය වියදම් ඉතා ඉහල යන බවත් ලංකාවේද ඒ අනුව වැඩකරන පුද්ගලයන් හට අත්වන අන්ධභාවය හෝ පෙනුම අඩුවීම නිසා ආදායම් උපයන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 923 ක පමණ ප්‍රමාණයක් අඩුවන බවයි. ඒ නිසා දැනට අවුරුදු 40 සහ 50 අතර වයස් කාණ්ඩයේ අයට වැඩිපුර ඇසෙහි ආබාධ ඇති වන බවට නිරීක්ෂණය වන බැවින් තම ඇස ආරක්ෂා කර ගැනීම සදහා කඩිනමින් සුදුසු අක්ෂි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන ලෙසත් ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කළේය

