STF විශේෂ කාර්ය බලකායට යතුරුපැදි 100ක් හා ත්‍රීරෝද රථ 50ක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ. එම බලකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314න් 90%ක් පමණ වසර 10කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ.

එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබේ. ඒ අනුව මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්දනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *