USA සහ Israel නිසා තෙල් මිල 59%කින් ඉහළට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානය වෙත පහරදීමෙන් පසුව මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී මාසයක කාලයක් තුළ ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල 59%කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෛනික ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් පමණ සිදුවූ හෝමූස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග යුද ගැටුම් නිසා අවහිර වීම හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග තෙල් නිෂ්පාදකයින් රතු මුහුද හරහා තෙල් ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ලෝකයේ ප්‍රමුඛතම මුහුදු මාර්ග දැඩි බාධා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *