අමරකීර්ති ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන්, ලිඛිත පැමිණිල්ලක් භාරදීම සඳහා අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියා.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

විත්තිකරුවන්ට සාධාරණයක් ඉල්ලා භාරදුන් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු විසින් භාරගත් බවත් ඊට සාධාරණයක් ඉටුවේ යැයි තමන් අපේක්ෂා කරන බවත් ඔවුන් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.

කෙසේ නමුත් ජනාධිපති සමාවක් ඉල්ලීමට තරම් විත්තිකරුවන් වරදක් සිදුකර නොමැති බැවින් තමන් බලාපොරොත්තු වන්නේ සාධාරණ තීන්දුවන් වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *