විපකෂ නායකගේන් ඉල්ලීමක්: ඌන සේවා හා පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු සේවයට අවස්ථාව දෙන්න
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඌන සේවා උපාධිධාරීන් සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු සේවයට එක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමඟ පැවති සාකච්ඡාවකදීය.
ගුරු සේවයට විවෘත බඳවා ගැනීමේදී උපාධි වලංගු දිනය 2025 ජුනි 30 ලෙස නියම කර තිබීම පිළිබඳව විරෝධතා ඇතිව ඇති බවද ඔහු සඳහන් කළේය. ගුරු සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින පිරිස් මෙම දිනය සංශෝධනය කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව ඔහු පැවසීය.
ඒ අනුව, රජය දැනුවත් කිරීමෙන් පසු උපාධි වලංගු දිනය 2026 මාර්තු 05 දක්වා දිගු කිරීම සුදුසු බවට ඔහු යෝජනා කළේය.
එමෙන්ම සීමිත පදනම යටතේ සිදුකරන බඳවා ගැනීම් සඳහා දැනට 2023 පෙබරවාරි 10 ලෙස සඳහන් කර ඇති වලංගු දිනයද සංශෝධනය කර දීර්ඝ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවය කරමින් වැඩිදුර අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි දක්වා සුදුසුකම් වර්ධනය කරගත් ඌන සේවා උපාධිධාරීන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඔවුන්ටද ගුරු සේවයට පිවිසීමට අවස්ථාව සලසා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

