අලුත් අවුරුදු නිවාඩුවට ගමේ ගිහින් එන මගී ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවට පහසුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සදහා අතිරේක බස් රථ සූදානම් කර මගී අවශ්‍යතාවය අනුව යෙදවීමට රජය විසින් කටයුතු කර ඇත….!

ජාතික ගමගා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා, අධ්‍යක්ෂ (ධාවන) ෂෙරින් අතුකෝරාල යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ අංගනය වෙත පැමිණ, ඔවුන්ගේ සෘජු අධීක්ෂණය සහ මැදිහත්වීමෙන් මෙම කර්තව්‍ය ක්‍රියාත්මක කරනු ලබයි….!

ගාල්ල සහ මාතර බස් රථ නැවැත්වීම සදහා ඉදිකල නව බස් පර්යන්තය ද ජනතා මුදල් රුපියලක් හෝ වියදම් නොකර ‘ජනතාව විසින් ජනතාව උදෙසා’ පරිහරණයට එක් කිරීමද අද දින (2026.04.10) සිදුවූ සුවිශේෂී සිදුවීමකි…..!

දිවයිනේ ප්‍රධාන මාර්ග සියල්ල ආවරණය වන පරිදි සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ කොළඹ – මහනුවර සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීම ද අද දින සිදුවිය. “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුවූ බරපතල හානි හේතුවෙන් මහනුවර දක්වා දුම්රිය ධාවනය නොවීම නිසා අපහසුතාවයට පත්වන මගී ජනතාවට මේ මගින් ප්‍රවාහන පහසුකම් සලසාගත හැකිවනු ඇත…..!

බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් පර්‍යන්තය වෙත අද උදෑසන පැමිණි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියා…!

” අලුත් අවුරුද්දට ජනතාවට තමන්ගේ ගම්බිම් බලා යන්න අවශ්‍ය පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට අපි රජයක් විදියට උපරිමයෙන් මැදිහත්වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අතිරේක බස් රථ 1,500 ක් පමණ ධාවනයට එක් කිරීමට කටයුතු කර තිබෙනවා. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අතිරේක බස් රථ එක් කරමින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා…!

අධිවේගී මාර්ගය හරහා මහනුවර දක්වා තාවකාලික බලපත් යටතේ සුඛෝපභෝගී බස් රථ සේවාවක් අපි අද ආරම්භ කලා. NTC අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයකට අනුව කොළඹ – ගාල්ල සුඛෝපභෝගී බස් රථ සේවාව හෙට දින ආරම්භ කරනවා…!

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල නවීකරණය කරලා ජනතාවට බාර දුන්නා. ජනතා බදු මුදල්වලින් ගොඩනගපු ඒ සම්පත්වලට හානි කරන කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. මේවා රැක ගැනීමට කටයුතු කිරීම අපි හැමෝගෙම වගකීමක්….!

ගමට යන්න වගේම නැවත කොළඹ එන්නත් මේ සේවාව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා….!

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *