ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ප්‍රබල වෙනස්වීමක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කාලගුණය
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම්දී ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක

