ඉරානය තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට කිසිසේත් සූදානම් නැත
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
කලාපය පුරා පවතින සියලුම යුද ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ අවශ්‍යතාවය මත ස්ථිරව සිටින බවත් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ මහතා ප්‍රකාශ කරයි.
අන්ටාලියා රාජ්‍ය තාන්ත්‍රික සංසදයට සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ, ඕනෑම සටන් විරාමයක් “ලෙබනනයේ සිට රතු මුහුද දක්වා” පවතින සියලුම ගැටුම් කලාප ආවරණය කළ යුතු බවයි.
“තාවකාලික සටන් විරාමයක් අපි පිළිගන්නේ නැහැ. මේ ගැටුම් චක්‍රය මෙතැනින්ම සම්පූර්ණයෙන් සහ ස්ථිරව අවසන් විය යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, එම මුහුදු මාර්ගය ඉතිහාසය පුරා විවෘතව පවත්වාගෙන ආ බවත්, ඉරාන දේශසීමා ජල තීරය තුළ පිහිටා තිබුණද, දිගු කාලයක් තිස්සේ ගමන් පහසුව ඇතිව පවතින බවයි.
කලාපීය අස්ථාවරත්වය සඳහා වගකිවයුතු බව පවසමින් ඔහු ඇමරිකාව සහ ඊශ්‍රායලය වෙත චෝදනා එල්ල කළේය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගෝලීය වෙළෙඳාමට මෙන්ම පුළුල් ආර්ථිකයටද අහිතකර බලපෑම් ඇති කර ඇති බවද ඔහු අවධාරණය කළේය.

