කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයේ විශාල පිපිරිමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සිදුවූ පිපිරීමකින්

පුද්ගලයින් 54දෙනෙකු තුවාල

ලබා ඇති අතර තවත් 18දෙනෙකු අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුද සමයේදී ඉරානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පසුව, එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට සේවකයින් උත්සාහ කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රාස් ලෆාන් කාර්මික කලාපයේ සිදුවූ මෙම පිපිරීම ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවය.

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යයට තම පාරිභෝගිකයින් වෙත නැව්ගත කිරීම් සිදු කිරීමට නොහැකි වූ අතර, ඒ නිසා ඔවුන් තම නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් යුද්ධය අවසන් කිරීම සඳහා කෙරෙන සාකච්ඡා අතරතුර ඉරානය විසින් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමත් සමග කටාර් රාජ්‍යය තම අපනයන පර්යන්තය නැවත ආරම්භ කිරීමට කටයුතු කළේය.

එහිදී එම වැඩකටයුතු අතරතුර Barzan ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සහ ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *