කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් (08) වෙනි දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන් වෙත ඉදිරිපත් කළ අතර මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්‍යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ගණනාවක් සාකච්ඡා කෙරුණි.

අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉඩම් වෙන් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

මෙහිදි කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය පිළිබඳව IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක්වීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා (Evan Papageorgiou), මාර්තා වොල්ඩෙමිචෙල් මහත්මිය (Martha Woldemichael – Resident Representative) , ඩිනාර් ප්‍රිහාර්ඩිනි මහත්මිය (Ms. Dinar Prihardini – Senior Economist) , උර්සුලා විරියාඩිනාටා මහත්මිය, (Ursula Wiriadinata -Economist) මානවී අබේවවික්‍රම මහත්මිය, (Manavee Abevawickrama – Local Economist, IMF Resident Representative office) ඇතුළු නියෝජිතයින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *