කල්පිටියේදී නීතිවිරෝධී වියළි කහ කිලෝ 900කට ආසන්න තොගයක් නාවික හමුදා සොයාගනි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 6 සහ 7 දිනවල කල්පිටිය, බංගලවත්ත සහ සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවකදී, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් අතර, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ ආලන්කුඩා අනුඛණ්ඩය විසින් අප්‍රේල් 6 රාත්‍රී කල්පිටිය, බංගලවත්ත වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු උර දෙකක් හඳුනාගෙන පරීක්ෂා කර ඇත. එහිදී, එම උර තුළ සඟවා තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 80කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන භාරයට ගෙන ඇත.
ඊට අමතරව, අප්‍රේල් 7 සවස ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා කල්පිටිය පොලීසිය එක්ව සේතවාදී වෙරළ ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු උර 16ක් හඳුනාගෙන පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී, එම උර තුළ අසුරා තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 827කට ආසන්න තොගයක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුම්වලදී භාරයට ගත් සම්පූර්ණ වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය සහ කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

