ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 දක්වා කල්දායි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 දක්වා කල් යයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම සලකා බැලීම අද (18) රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරිණ.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වා සිටියා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහරශී හේරත් මහත්මිය පෙනී සිටියා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.

