අසීරු අවස්ථාවේ රට වෙනුවෙන් සියලු දෙනා එකට එකතු විය යුතුයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අප රට බරපතල අවදානම් තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් විවිධ පාර්ශ්ව, කණ්ඩායම් හා සංවිධාන එම අවදානම් තත්ත්වයන් ප්‍රයෝජනයට ගෙන විවිධ උපක්‍රම හරහා රටේ ස්වෛරීත්වය පලුදු කිරීමට සෘජු හා වක්‍ර දායකත්වය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව රටක් ලෙස මේ අමාරු අවස්ථාව තුළ දේශපාලන විවිධත්වය හා වෙනස්කම්වලට නිසි ගරුත්වය ලබා දී රටට බලපෑම් එල්ල වන විට රට සුරක්ෂිත කිරීමට අප සැවොම වගබලා ගත යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වසර 71ක් ආයු වදාරා අපවත්වී අදාළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, රන්දොඹේ සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය හා එක්වෙමිනි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *