ජැක්සන් 2025දී ලොව ප්‍රභල ධනවතුන්ගේ ලැයිස්තුවට.! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
2009 වසරේ මියගිය සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලත් මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන්, සිය පියාගේ දැවැන්ත දේපළ කළමනාකරණය සම්බන්ධයෙන්, නීති ආයතන වෙත සිදුකරන ලද ඇතැම් ගෙවීම් පිළිබඳව ප්‍රශ්න මතුකර තිබේ.
තම පියා මියයනවිට ණය බරින් සිටියත් මේ වනවිට මරණින් මතුත් සංගීත ඇල්බම මගින් ලැබෙන අති විශාල හිමිකම් ආදායම මත ජැක්සන්ගේ වත්කම ඉහළ ගොස් ඇත.
මේ වනවිට ලෝකයේ මරණින් මතු වැඩිම ආදායම් උපයන පුද්ගලයා ලෙසද මයිකල් ජැක්සන් වාර්තා තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජැක්සන්ගේ ණය පියවා දැමීමෙන් පසුවට ඉතිරි කරගත් ඉහළ වත්කමක් මේ වනවිට දැවැන්ත ආදායමක් බවට පත්ව ඇත.
2025 ජූලි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් ලෙස ඇස්තමේන්තු කර ඇති පැරිස් ජැක්සන්ගේ පෞද්ගලික ධනය, මයිකල් ජැක්සන්ගේ භාරකාර අරමුදලෙන් ඇයට හිමිවන උරුමය මත පදනම් වේ.
2009 දී මයිකල් ජැක්සන් මියයන විට ඩොලර් මිලියන 500ක පමණ ණය බරකින් යුක්තව පැවති ඔහුගේ දේපළ වර්තමානය වන විට ඩොලර් බිලියන 2ත් 2.5ත් අතර වටිනාකමක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි


