තංගල්ල මත්ද්‍රව්‍ය සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
පසුගියදා තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී අයිස් (Ice) සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙම සැකකරුවන්, පොලිස් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සඳහා තංගල්ල පොලිස් භාරයේ සිටි පිරිසක්.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වන්නේ, ඩිංගි බෝට්ටුවේ හිමිකරු වන ක්‍රිස්ටෝපර් බදුගේ ජයලත් සහ ‘බෙලිඅත්තෙ සනා’ නොහොත් වීරසිංහගේ සනත් යන දෙදෙනායි

