තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇපෑලට බෙදුණු තීන්දුවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් බැවින් එම අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ හෙට දින (නොවැම්බර් 11) කැඳවන ලෙස එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැම්බර් 10) නියම කළා.

මෙම අභියාචනා පෙත්සමේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම සඳහා එය විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී විනිසුරු පී. කුමාරන් රත්නම් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදුණු තීන්දුවක් වන බැවින් එම අභියාචනා පිළිබඳ පෙත්සම සුදුසු පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බව ය.

ඒ අනුව අදාළ අභියාචනය හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළා.

මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *