2027 වසරේ අයවැය හෙට පාර්ලිමේන්තුවට – අයවැය විවාදය දින 26ක්

www.bbcmirror.lk | www.Lankawebnews.lk

කොළඹ – 2026.11.11

2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව, 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, අයවැය විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර ඇත.

2027 වසර සඳහා රජයේ ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති, රාජ්‍ය වියදම් සහ ජනතාවට බලපාන ආර්ථික සහන පිළිබඳව මෙවර අයවැය යෝජනාවලිය තුළින් ඉදිරිපත් කෙරෙන කරුණු පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

Spread the love

2 thoughts on “2027 වසරේ අයවැය හෙට පාර්ලිමේන්තුවට – අයවැය විවාදය දින 26ක්”

  1. Протечка, нашествие клопов или мышей — задача решается за один выезд и с гарантией на работы. Ищете дезинфекция86? Специалисты компании dezinfekciya86.ru выполняют дезинфекцию, дезинсекцию и дератизацию по всему ХМАО. Также — сушка помещений после потопа и оценка ущерба от залива для суда и страховой. Выезд в день звонка, только сертифицированные средства, итоговая цена прописывается в договоре и не меняется.

  2. In a world dominated by relentless digital noise, finding meaningful clarity has never been more vital. The digital media hub https://www.chroniclesofwisdomtv.com/ masterfully curates timeless philosophical insights, powerful life parables, and practical stoic principles designed to cultivate resilience, true mindfulness, and purpose.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *