දැරිය හැකි වාරික මුදලක් යටතේ ගොවි රක්ෂණ ක්රම රැසක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ඒ ඒ වගාවන්වල නිරත ගොවීන් සඳහා ඔවුන්ට දැරිය හැකි වාරික මුදලක් යටතේ රක්ෂණ ආවරණ ලබා ගැනීම සඳහා නව රක්ෂණ ක්රම රැසක් හඳුන්වා දී තිබෙනවා.
කුරුඳු වගා රක්ෂණ යෝජනා ක්රමය, රබර් වගාකරුවන් සඳහා වන රක්ෂණ යෝජනා ක්රමය, කෙසෙල් වගා රක්ෂණ යෝජනා ක්රමය, ගබඩා රක්ෂණ යෝජනා ක්රමය, කිතුල්, පොල්, තල් කර්මාන්තකරුවන් සඳහා වන හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්රමය, කුරුඳු කර්මාන්තයෙහි නිරත වන්නන් සඳහා වන හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්රමය, තේ වගා රක්ෂණ යෝජනා ක්රමය, පොල්පැළ වගා රක්ෂණ යෝජනා ක්රමය ඒ අතරින් කිහිපයකි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්“ ගැන සංකල්පය වගාකරුවන්ගේ ද ජීවිතවලට ඇතුළත් කරමින්, වගා කිරීමේදී මුහුණදීමට සිදුවන අවදානම කළමනාකරණය කරමින් ඔවුන් වගාව තුළම රඳවා ගැනීම හා ඒ තුළින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම මෙම රක්ෂණ යෝජනා ක්රම ක්රියාත්මක කිරීමේ මූලික පරමාර්ථය බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

