බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවන්න
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ඌව පළාත තුළත් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය,රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවල යටතේ හඳුන්වා දී තිබේ.
හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධ සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින් ව මෙම වැඩසටහන මගින් දැනුවත් කෙරුණි.
එමෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ, බැංකු කාඩ්පත් මඟින් ඩිජිටල් ගෙවීම් ලබාගැනීමේ පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ විස්තරාත්මක දැනුවත් කිරීම සිදුකළ බවයි.
මාස කිහිපයක් තුළ ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරියට අයත් සියලුම බස් රථ සඳහා මෙම ඩිජිටල් ගෙවීම් පහසුකම ලබාදීම සඳහා බස් හිමියන් එකඟ වී ඇත.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නාකය මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

